දරු ප්‍රසූතියට සූදානම්



සමාජ මාධ්‍ය හරහා ලොව වැඩිම අවධානයට ලක් වුණු ජනප්‍රිය තරු යුවල බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ ඇගේ සැමියා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිය.

අනුෂ්කා ගැබිනියක බව අනාවරණය වීමත් සමඟ අනුෂ්කා කෝලි ගැන කාගේත් උනන්දුව තවත් වැඩිවී තිබේ. මේ වනවිට අනුෂ්කා සහ කෝලි සිටින්නේ ඩුබායි නුවරය.

කෝලි ඩුබායි පැමිණ සිටින්නේ ඔහුගේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමඟය. ඒ, ඩුබායි හි පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමටය.

අනුෂ්කා ගැබිනියක වීම සම්බන්ධයෙන් අනුෂ්කා කෝලි යුවල චාම් උත්සවයක් සංවිධානය කර තිබුණු අතර එහිදී කේක් ගෙඩියක් කැපීමට ද යුවල අමතක කළේ නැත. කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ සාමාජිකයෝ මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS