ඇලෙක් බෝල්ඩ්වින් අමාරුවේ



චිත්‍රපටයක රූගත කිරීමක නියැලී සිටිද්දී, ජනප්‍රිය හොලිවුඩ් නළු ඇලෙක් බෝල්ඩ්වින් අතින් ගිනි අවියක් පත්තු වීමෙන්, චිත්‍රපටයට සම්බන්ධ කැමරා ශිල්පී හල්යාන් හට්චින්ස් තුවාල ලබා මියගිය බවත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජොඑල් සෝසා තුවාල ලබා රෝහල් ගත කළ බවත් වාර්තා වේ.

නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ බොනැන්සා ක්‍රීක් නමැති ගොවිපොලේ 'රස්ට්' නමැති චිත්‍රපටය රූගත කරද්දී, මෙම අකරතැබ්බ සිදුවී ඇති බව පොලිසිය කියයි.

පොලිසිය සිද්ධිය ගැන විමර්ශනයක් පවත්වන බවත් තවමත් 68 හැවිරිදි නළු ඇලෙක් බෝල්ඩ්වින් ට චෝදනා එල්ල කර නොමැති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

(රොයිටර්)


RECOMMEND POSTS