යොහානි ආපසු එයි



ශ්‍රී ලංකාවෙන් පිටත පැවත්වූ සිය ප්‍රථම ජාත්‍යන්තර සංගීත ප්‍රසංග දෙකට සහභාගී වෙමින් ඉන්දියාවේ සාර්ථක සති දෙකක සංචාරයක් අවසන් කරමින් ගායිකා යොහානි ද සිල්වා මෙනවිය පසුගිය 12 වැනිදා රාත්‍රියේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියාය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අයත් ගුවන් යානයකින්  කටයුනායක ගුවන්තොටුපළ වෙත පැමිණිමට පෙර  ඇයට සුබ පැතුම් එක් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුම්බායි ප්‍රාදේශීය කාර්යාලයේ කාර්ය මණ්ඩලය චාම් උත්සවයක් මුම්බායි ගුවන් තොටුපළේ සංවිධානය කර තිබුණි.

ඉන්පසුව ඇයගේ ගමනාන්තය වූ කටුනායක ගුවන් තොටුපළේදී ද වූ යොහානි දිවයිනට පැමිණි අවස්ථාවේ මහත් හරසරින් යුතුව ඇය පිළිබගැනීමට ශ්‍රී ලංකන් ගුවන්සේවය පියවර ගෙන තිබීම විශේෂත්වයකි. මෙහිදී අතර ඇය ගේ ඉන්දීයාවේ සාර්ථක සංචාරය සුබ පැතුම් එක් කරමින් මල් කළඹක් පිරිනැමීමට හා කේක් ගෙඩියක් කැපීමටද  ශ්‍රී ලංකන් ගුවන් සේවය අමතක නොකළේය.

කෝටි 15 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ''මැණිකේ මගේ හිතේ ගීතය ප්‍රතිගායනා කිරීමෙන් මෙරට මෙන්ම ඉන්දියාව , බංග්ලාදේශය යුරෝපා රටවල් ඇතුළු ලොවපුරා රටවල් රැසක අතිශය ජනප්‍රිය ගායිකාවක් වූ යොහානි ද සිල්වා මෙනවිය ඉකුත් සැප්තැම්බර් 29 වැනි දා සිය සංගීත කණ්ඩායම වූ ''ලුනු'' සංගීත කණ්ඩායම සමග ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් බලා පිටත් වූයේ සිය ප්‍රථම ජාත්‍යන්තර ගෘහස්ත සංගීත ප්‍රසංගයට සහභාගීවීම සදහාය.

30 වැනිදා ගුරුග්‍රම්හීදි සිය ප්‍රථම සංගතී ප්‍රසංගය පැවැත්වීමෙන් අනතුරුව ඇය මේ මස 03 වැනිදා හයිද්‍රාබාද් හි දෙවැනි ප්‍රංසංගය පැවත් වූවාය.අතිශයින් සාර්ථක සංගීත ප්‍රසංගයක් වූ එහිදී මැණිකේ මගේ හිතේ ගීතය ඇතුළු සිංහල සින්දු ගණනාවක් ගායනා කරමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් ගේ සිත් දිනා ගත්තාය.

සිය ඉන්දීය සංචාරයේදී යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් මෙහෙයවන  එරට ජනප්‍රිය සතිඅන්ත රියැලිටි රූපවාහිනි වැඩසටහනක් වන ''බිග්බොස් ''හී විශේෂ ආරාධිත අමුත්තියක ලෙස ද   සහභාගී වූවාය.ඊට අමතරව ඇය එරට දී බොලිවුඩ් ජයගත් ලාංකික සුරූපිණිය වන ජැකලීන් රේඩිනැන්ඩස්ද , බොලිවුඩ්  චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හා සුපිරි නර්තන අධ්‍යක්ෂකවරයෙකු වන අහමඩ් ඛාන් ද මුම්බායි හීදී හමු වූවාය.

ඉන්දීය සංචාරට අතරතුර ඇය සිය ප්‍රථම ගීත ඇල්බමය වූ පළමු ගීත ඇල්බමයේ ගීතයක් වන ‘ඉතින් ආදරේ පතාලා තැවුණේ – ඔබේ නමින් සිතින් වේදනා රිදී මියැදුණේ’ යන ගීතය ද අන්තර්ජාලයට ඔස්සේ එළි දැක්වූවාය.ඉකුත් 09 වැනිද එළි දැක්වූ එම ගීතයද දින 03ක් ඇතුළත ලක්ෂ 16ක පිරිසක් යූ ටියුබ් ඔස්සේ නැරඹිම වාර්තාවක් ද වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS