වතුර බොනවා නම් වාසි ගොඩයි



අපේ ශරීරය සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගී තිබෙන්නේ ජලයෙන්. පේශි වලින් 75%ක්, අස්ථි වලින් 22%ක්, රුධිරයේ 83%ක් සහ මොළයෙන් සියයට 90ක් ම ජලය.

ඉතිං ඔබ ජලය පානය කිරීමේ අවශ්‍යතාය කොතර ම්ද කියන එක එතනින්ම පැහැදිලියි. ඒ වගේම තමයි උදේ පාන්දරම හිස්බඩ වතුර වීදුරුවක් බිව්වොත් ඒක ගොඩක් ඇගට ගුණයි කියලා අපි අහලා තියෙනවනේ.

ගොඩක් අය දන්නේ නැහැ ජලය පානය කිරීමේ වැදගත්කම ඒ නිසා ඔවුන් දවස පටන්ගන්නේ උදෑසන තේ හෝ කෝපි කෝප්පයෙන්. නමුත් එය සෞඛ්‍යට හිතකර නැහැ. උදෑසන හිස්බඩ ජලය පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන තමයි මේ කියන්න යන්නේ…

රුධිර සංසරණය වර්ධනය කරයි.

උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම මගින් රුධිර සංසරණය වර්ධනය කර ශරීරය නිරෝගී කරයි.
ශරීරයේ විෂ ඉවත් කරයි.

වැඩියෙන් ජලය පානය කරන විට මුත්‍රා කිරීමේ වාර ගණන වැඩි වේ. එයින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරන අතර ශරීරය පිරිසිදු කරයි.

කුසගින්න වැඩි කරයි.

හිස්බඩ ජලය පානය කිරීම ඔබගේ ආහාර රුචිය වැඩි කිරීමට උපකාරී වේ.

වේදනාවට සහනය ලබාදෙයි.

උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම මගින් හිසරදය හා වෙනත් ඕනෑම වේදනාවකට සහනය ලබාදෙන අතර දවස පුරා හොඳින් ජලය පානය කිරීමෙන් හිසරදය ඇතිවීමේ අවදානම අවම කරයි.

වයස්ගත පෙනුම නැති කර නිරෝගී පෙනුමක් ලබාදෙයි.

ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සම නිරෝගී කර ප්‍රත්‍යස්ථ බව වර්ධනය කරයි.
ශක්තිය වැඩි කරයි.

හිස්බඩ ජලය පානය කිරීම මගින් රතු රුධිර සෛල වේගයෙන් වර්ධනය කරන අතර රුධිරයේ වැඩි ඔක්සිජන ප්‍රමාණයක් ඇතිවේ. එමගින් ඔබේ ශරීරයේ ශක්තිය වැඩි කරයි.

සිරුරේ බර අඩු කරයි.

ඔබ ආහාර පාලනය කරනවා නම් වැඩිපුර ජලය පානය කිරීම මගින් ශරිරය්ව් බර අඩු කරගත හැකියි. ජලයේ කැලරි අඩංගු නොමැති බැවින් ඔබට අවශ්‍ය තරම් පානය කරන්න පුළුවන්.

වකුගඩු ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

ජලය පානය කිරීමෙන් වකුගඩු පිරිසිදු කර එහි ක්‍රියාකාරිත්වය වර්ධනය කරන අතර ශරීරයේ සිනි මට්ටම පාලනය කිරීමටද උපකාරී වේ.

සටහන - දිල්රුක්ෂි


RECOMMEND POSTS