නිවුන් රූ රැජිණියන් සහ කඩවසම් යුගල



ලෝක නිවුන් රූපරාජිණී සහ නිවුන් කඩවසම් යුගලයන් තේරීමේ තරඟාවලියක් ශ්‍රී ලංකා නිවුන් සංවිධානය මගින් සංවිධානය කර ඇත.
විදේශීය නිවුන් යුගල රැසක් මෙම තරඟාවලියට සහභාගීවීමට නියමිත බව එම සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනි උපුලි ගමගේ මහත්මිය පවසයි.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද නිවුන් රූප රාජිණියන් සහ කඩවසම් යුගලයන් තුන බැගින් තරඟ කරන අතර, ඒ සඳහා වන මූලික තරඟ වට පෙබරවාරි මස 12 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.

මෙහි අවසන් මහා තරඟාවලිය මැයි මස 28 වැනිදා පැවැත්වේ.මෙම තරඟාවලියට සමගාමීව ලෝක නිවුන් සංස්කෘතික උළෙලක්, ලෝක නිවුන් මහා සම්මේලනයක්, නිවුන් බැඩ්මින්ටන් තරඟාවලියක් සහ ලෝක නිවුන් ව්‍යාපාරික සමුලුවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS