මෙංග් වොන්ෂු නිදහස්



වසර 3 කට ආසන්න කාලයක් කැනඩා අත්අඩංගුවේ පසුවුණු, චීනයේ 'හුවාවේ' සමාගමේ මූල්‍ය කටයුතු ප්‍රධානී මෙන්ග් වොන්ෂු නිදහස ලබා යළි චීනය බලා පැමිණියාය.

කැනඩා ආරක්ෂක අංශ සහ රජය එක්වී, 2018 දී මෙන්ග් වොන්ෂු අත්අඩංගුවට ගත්තේ ඇය කැනඩාවට පැමිණි අවස්ථාවේදීය. ඒ වනවිට ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් පැවැතිණි.

ඇමෙරිකාවේ කීමට අනුව, කැනඩා රජය මෙන්ග් වොන්ෂු අත්අඩංගුවට ගෙන රඳවා තැබුණු අතර, චීනය එකට එක කිරීමක් ලෙස චීනයේ සිටි කැනඩා ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිරගත කළේය. ඒ, ඔවුන් ඔත්තු බැලීම් කළේ යැයි චෝදනා නගමිනි.

මේ වනවිට බයිඩන් පාලනය සහ චීන රජය අතරේ, දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වී තිබේ. කැනඩා රජය, මෙන්ග් වොන්ෂු නිදහස් කළේ ඇමෙරිකාවෙන් ලැබුණු උපදෙස් අනුවය.

ඊට ප්‍රතිචාර දක්වමින් චීන අත්අඩංගුවේ සිටි කැනේඩියානුවන් දෙදෙනා වන ස්පවෝර් සහ කොව්රිග් යන දෙදෙනාට ද චීනය නිදහස ලබා දුන්නේය.

ඔවුන් දෙදෙනා ද මේ වනවිට කැනඩාව බලා පැමිණ ඇතැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ.

(බීබිසී)


RECOMMEND POSTS