චීන ජනපතිගේ ප්‍රකාශය බයිඩන්ගේ පැසැසුමට



චීන ජනාධිපති ෂී ජින්පින් එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ දේශනය, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේත් පැසැසුමට ලක් විය.

ඇමෙරිකන් ජනාධිපතිවරයා පමණක් නොව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් ද චීන ජනාධිපතිවරයාගේ දේශනය සම්බන්ධයෙන් සතුට පළ කර තිබේ.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, චීන ජනාධිපති ෂී ජින්පින් සමුළුවට පැමිණ සිටියේ නැත. මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කෙරුණේ චීන ජනාධිපතිවරයාගේ පටිගත කළ දේශනයයි.

එහිදී දේශගුණික අර්බුද පිටුදැකීමට චීනය වඩාත් සක්‍රීයව දායක වීමට සූදානම් බව චීන ජනාධිපති අවධාරණය කළේය.

දේශගුණික විපර්යාස ඇති කිරීමට ප්‍රධාන හේතු සාධකයක් වන්නේ ගල් අගුරු බවත්, චීනය මුදල් ආයෝජනය කරමින් විදේශවල ආරම්භ කර තිබෙන සියලු ගල් අගුරු ව්‍යාපෘති නවත්වන බවත්, ඒවාට මුදල් අන්‍රගාහය දැක්වීම නවත්වන බවත් චීන ජනාධිපතිවරයා සිය දේශනයේ දී අවධාරණය කළේය.

සමුළුවට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස්ගේ පැසැසුමට ලක් වූයේ මෙයයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS