විකෘතිවෙලා හැදුණු කොරෝනා විකෘතිය



'ඩෙල්ටා', 'ලැම්බ්ඩා' වැනි විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙන, එන්නත්වලින් පවා අඩපණ කළ නොහැකි යැයි බිය පළ කෙරෙන තවත් 'කොවිඩ් 19' විකෘතියක් ගැන අසන්න ලැබුණි.

මේ විකෘතිය 'කොවිඩ් 19 සී.1.2' යන නමින් හැඳින්වෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන විමසිල්ලෙන් පසුවෙයි. මේ වනවිටත්, 'සී.1.2' විකෘතිය චීනය, කොංගෝ, මුරුසි, එංගලන්තය, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය ආදී රටවලට ව්‍යාප්තවී හමාරය.

2019 දෙසැම්බරයේ 'කොවිඩ් 19' වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වීමෙන් පසු මේ වනවිට බොහෝ පෙරැළිවලට ලක් වී තිබේ. විකෘති වී විකෘති ප්‍රභේද බිහි කර තිබේ. වයිරසවල ස්වභාවය එයයි. එය විකෘති වෙමින් ස්වරූපය වෙනස් කර ගනී.

වයිරස ද සජීවී දෙයක් වන අතර අප එය වළක්වන්න එන්නතක් නිපදවන්නේනම්, වයිරසය සිය ස්වරූපය වෙනස් කර ගන්නේ දිවි රැක ගනිමින් එම එන්නතින් ආරක්ෂා වීමටය. වයිරස අඩපණ කිරීම අසීරු වන්නේ මේ නිසාය. එසේ වුවත්, මේ මොහොතේ අප කවුරුත් කළ යුතු වන්නේ 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් ලබා ගැනීමය.

'ඩෙල්ටා' වැනි විකෘතිවලට එරෙහිව ඇති එකම අවිය එන්නතය. එන්නත ලබා ගෙන තිබියදී වයිරසය ආසාදනය වුවහොත් සංකූලතා අවම වෙයි. ඔබට පමණක් නොව ඔබේ පවුලේ අයට ද රැකවරණ ලැබේ.

'සී.1.2' විකෘතිය පළමු වරට හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවෙනි. ඒ, පසුගිය මැයි මාසයේය. දකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේද රැසක් තව තවත් විකෘති වී එකිනෙක මුසු වී 'සී.1.2' නිර්මාණය වී ඇති බව සොයා ගෙන තිබේ.

'සී.1.2' විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකානු වෛද්‍ය පර්යේෂකයන්ය. දකුණු අප්‍රිකාවේ බෝ නොවන රෝග පිළිබඳ ජාතික ආයතනය සහ 'ක්වාසූලු නාටා' වයිරසවේදය පිළිබඳ පර්යේෂණ ආයතනය මෙම අධ්‍යයනයට සම්බන්ධ වූ බව පැවැසෙයි.

'සී.1.2' විකෘතිය සම්බන්ධයෙන් සොයා ගත් සියලු දත්ත සහ තොරතුරු ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර තිබේ.

'කොවිඩ් 19' වයිරසය රට පුරා ඉතා දරුණු ලෙස රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී. 'කොවිඩ් 19' වයිරසය ආසාදනයෙන් පසු තෙවැනි දිනයේ දී රෝග ලක්ෂණ මතුවෙයි. එහෙයින් රෝග ලක්ෂණ ඇති දින සිහියේ තබා ගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 

'කොවිඩ් 19'  ශරීරගතවීමෙන් පසු පළමු අදියර ලෙස පළමු දෙවැනි සහ තෙවැනි දින සැලකෙයි.
උණ, උගුරේ වේදනාව, සිරුරේ වේදනාව, ඇස් දැවිල්ල සහ වේදනාව, හිසරදය, වමනය, පාචනය, නාසික තදබදය සොටු දියර ගැලීම, මුත්‍ර කිරීමේ දී දැවිල්ලක් ඇතිවීම මෙම දින 3 ඇතුළත දී දකින්න ලැබෙන රෝග ලක්ෂණ වන අතර පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට මෙම රෝග ලක්ෂණ වෙනස් වෙයි.

මෙම අවස්ථාවේදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර දියර පානය වැදගත් වන්නේ සිරුර විජලනයට ලක් නොවී පවත්වා ගැනීම සඳහා ය. පිරිසුදු ජලය පානය ද ඉතා වැදගත්ය.

වයිරසයේ දෙවැනි අදියර ලෙස සැලකෙන්නේ සිවුවැනි දිනයේ සිට 8 වැනි දිනය තෙක් කාලයයි. රස සුවඳ නොදැනීම, අවම උත්සාහයකින් දැඩි තෙහෙට්ටුවක් දැනීම, පපුවේ වේදනාව සහ ඉලඇටය තද කරන්නාක් මෙන් දැනීම සහ හුස්ම හිරවීම මෙම අදියරේ මූලික ලක්ෂණ වන අතර, මේ ගැන විශේෂ අවදානයක් යොමු කළ යුතු වෙයි.

හුස්ම හිරවීම යනු වාඩි වී සිටිද්දී, කිසිදු උත්සාහයකින් තොරව හුස්ම හිරවීමය. තෙහෙටේටුව යනු සරල දෙයක් කිරීමේ දී පවා දැඩි මහන්සි ගතියක් දැනීමය. 'කොවිඩ් 19' වයිරසයෙන් සිදුවන්නේ පෙනහළුවලට ලැබෙන ඔක්සිජන් අවහිර කිරීමය. රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවෙයි.

'කොවිඩ් 19' වයිරසයේ තෙවැනි අදියර ලෙස සැලකෙන්නේ දින 9 සහ 14 තෙක් කාලයයි. වයිරසයෙන් සුවය ලැබීම ආරම්භ වන්නේ 9 වැනි දිනයේ සිටය.

විනාඩි 15 ක් හෝ 20 ක් උදෑසන හිරු එළියට නිරාවරණය වී සිටීම, පැය 7 ක් 8 ක් විවේක ගැනීම, දිනකට ජලය ලීටර් 1.5 ක් පමණ පානය කිරීම 'කොවිඩ් 19' රෝගීන්ට ඉතා වැදගත් වෙයි. ඔවුන් ආහාරයට ගන්නා සියලු දේ උණුසුම් ආහාර විය යුතුය.

කොරෝනා වයිරසයේ පී.ච්. අගය 5.5 සිට 8.5 ක් දක්වා පවතී. ඒ අනුව වයිරසය පරාජය කිරීම සඳහා, සිරුරේ අම්ල මට්ටමට වඩා ක්ෂාරීය මට්ටම වැඩියෙන් තබා ගැනීමට නම්, ක්ෂාරීය ආහාර අනුභව කළ යුතුය. කෙසෙල් සහ දෙහිවල පී.එච්. අගය 9.9 කි. කහ ලෙමන්වල පී.එච්. අගය 9.2 කි. අලිගැට පේරවල පී.එච්. අගය 15.6 කි. සුදු ලූනුවල පී.එච්. අගය 13.2 කි. අඹවල ඇත්තේ පී.එච්. අගය 8.7 කි. මැන්ඩරීන් පලතුරුවල පී.එච්. අගය 8.5 කි. අන්නාසිවල පී.එච්. අගය 12.7 ක් වන අතර දොඩම්වල පී.එච්. අගය 9.2 කි.

ඔබට 'කොවිඩ් 19' ආසාදනය වී ඇතිදැයි දැනගන්නේ කෙසේද? එය නිසැකවම දැන ගැනීම කළ හැක්කේ පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණයකිනි. සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ කැසීම, වියලි උගුර, වියල් කැස්ස, උණ, හුස්ම ගැනීමේ අපහසුතාව, සුවඳ හා රසය නොදැනීම ආදී රෝග ලක්ෂණ පහළ වුවහොත් මේ මොහොතේ එය කොරෝනා ආසාදනයක් වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. ඒ සඳහා වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්ය.

'කොවිඩ් 19' පමණක් නොව ඩෙංගු වයිරසයේ වැඩිවීමක් ද මේ දිනවල දකින්න ලැබෙන බැවින් දින 3 කට පසු උණ තිබෙනවා නම්, රුධිර පරීක්ෂණයක් කර ගැනීම ද ඉතා වැදගත්ය. සිහියේ තබා ගත යුතු තවත් වැදගත් කරුණක් ඇත. ඒ, කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව ඔබ 'කොවිඩ් 19' ආසාදිතයකු විය හැකිය යන්නය.

එහෙයින්, ඔබ සහ ඔබේ සමීපතමයන් ආරක්ෂා කිරීමට නම් ඔබ කළ යුත්තේ 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමය. එමෙන්ම, ඔබට උණ ගතියක්ද සමඟ කුමන හෝ අසනීප තත්ත්වයක් ඇති නම්, 'කොවිඩ් 19' ආසාදිතයකු ද නැද්ද යන්න වෛද්‍ය උපදෙස් අනුව තහවුරු කරගන්නා තුරු නිවසේ සෙසු සාමාජිකයන්ගෙන් ඈත් වී සිටින්න.


RECOMMEND POSTS