මුදල් අය නොකර ගෙන්වා ගන්නවා



කිසිදු මුදල් අය කිරීමකින් තොරව, විදෙස්වල කොටුවුණු ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අඛණ්ඩව පහසුකම් සපයන බව විදේශ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අවධාරණය කර තිබේ.

ජයනාත් කොළඹගේ මහතා මෙසේ පවසා ඇත්තේ සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමිණි. මේ වනවිට විදේශයන්හි ශ්‍රී ලාංකික දූත මණ්ඩලවල කාර්යභාරය වී ඇත්තේ නැවත මෙරටට පැමිණෙන්නන් සඳහා ගුවන් ගමන් සංවිධානය කිරීම පමණක් යැයි ද කොළඹගේ මහතා වැඩිදුරටත් පවසා ඇත.

එලෙස පැමිණෙන පුද්ගලයින් නොමිලේ රජයේ පහසුකම් මත නිරෝධායනය කරනු ලබන බවත් මෙරටට පැමිණීමට නියමිත ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවෙන් අවධානම් මට්ටම අනුව ප්‍රමුඛත්වය ලබා දී ආපසු ගෙන්වා ගැනීම සිදුකරන බවත් ජයනාත් කොළඹගේ මහතා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

දේශීය නිරෝධායන සහ වෛද්‍ය පහසුකම් පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය ගෙවීම් පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් පමණක් බව ද විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේය‍.


RECOMMEND POSTS