ගෙන්වා ගත් 1,194 කට කොරෝනා



කොවිඩ් 19 වසංගතයෙන් අසරණව විදේශ රටවල සිට ගෙන්වා ගත්  ශ්‍රී ලාංකිකයන් පිරිසෙන්, 1194 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බව විදේශ කටයුතු අමාත්‍යාශය කියා සිටී.

ඉකුත් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ  මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් හතළිස් හය දහසට වැඩි සංඛ්‍යාව අතරින් මෙම පිරිස වාර්තා වන බවද  අමාත්‍යාංශය කීය.

ඔවුන් අතරින් කොරෝනා වයිරසය අසාදනය වු වැඩිම පිරිස වාර්තා වන්නේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි ලාංකිකයින් ගෙන් වන අතර ඒ පිරිස 419ක් වෙති.

මීට අමතරව කටාර් සිට පැමිණි 250 කට හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 235 දෙනෙකුටද, එම වයිරසය අසාදනය වී තිබුණ බව පී.සී.ආර්.වෛද්‍ය පරික්ෂණවලදී තහවුරු වී ඇත.

ඕස්ට්‍රේලියාවේ හා කොරියාවේ සිට පැමිණි ලාංකිකයින්  කිසිවෙකුටවත් කොරෝනා වයිරසය අසාදනය වී නොතිබූ බවද අමාත්‍යාංශය කියා සිටී.

කොවිඩ් 19 වසංගතයෙන් අසරණව විදේශ රටවල සිටින  ලාංකිකයන් 46563 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින, ඉන්දියාව ඕස්ට්‍රේලියාව, එක්සත් රජධානිය, ඕමානය, ජපානය, සිංගපපූරුව, කුවේට්ට්, සවුදි අරාබිය, ඇමරිකා එකසත් ජනපදය, කොරියා හා කටාර් යන රටවල් වලින් ලාංකිකයින් දහසකට වැඩි පිරිස බැගින් මේ වන විටත් ගෙන්වා ගෙන ඇති බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS