විශ්ව විද්‍යාල සිසුන්ට එන්නත්



විශ්ව විද්‍යාල සිසුන්ට කෝවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (11) සිටි ආරම්භ කළ බව සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන්ට තමා පදිංචි ප්‍රදේශයට ආසන්නතම විශ්ව විද්‍යාලයට ගොස් විශ්ව විද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කර එන්නත් ලබගත හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

කොළඹ,ජයවර්ධනපුර, සහ කැලණිය ඇතුළු තවත් විශ්ව විද්‍යාල කීපයකම කෝවිඩ් මර්දන එන්නත් වැඩ සටහන අද (11) උදේ සිට ආරම්භ කෙරිණි. මෙම එන්නත්කරණ වැඩසටහන ලබන සිකුරාද දක්වා ක්‍රියාත්මක වෙයි.

මීට අමතරව, වයස අවුරුදු 18 - 19 සිසුන් සඳහා ෆයිසර් එන්නත පාසල්වලදීම ලබන 21 වෙනිදා සිට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.

ඡායාරූප - ළහිරු හර්ෂණ


RECOMMEND POSTS