ලොව ලොකුම පවුල්කාරයා මියගිහින්



ලොව විශාලතම පවුල හිමි තැනැත්තා ලෙස ගිනස් වාර්තා අතරට එක්වුණු ඉන්දීය ජාතික සියෝනා චානා අභාවප්‍රාප්තව වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 76 ක් බවත්, ඔහුට බිරියන් 38 දෙනකුත්, දරුවන් 89 දෙනතකුත් මුණුපුරු මිණිපිරියන් 36 දෙනකුත් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සියෝනා චානා ආගමික නිකායක ප්‍රධානියකු වන අතර, එම නිකායට අනුව, බහු විවාහ සඳහා අවසර ලැබේ. මෙම නිකාය පිහිටුවා ඇත්තේ චානාගේ පියා ය. ඒ, 1942 දීය. පියාගෙන් පසු ආගමික නිකායේ නායකත්වය චානා ට ලැබී ඇත.

සියෝනා චානා ජීවත් වූයේ ඉන්දියවේ මිසරෝමා ප්‍රාන්තයේ ගම්මානයකය. මිසරෝමා ප්‍රාන්ත මහ ඇමැති සොරමතන්ගා, චානාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් මගින්ය.

සියෝනා චානාගේ අභාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අපූරු අදහස් පළ වී ඇත. එක් අයකු උපහාසයෙන් යුතුව පෝස්ටුවක් පළ කරමින් පවසා ඇත්තේ බිරියන් 38 සහ දරුවන් 89 දෙනකු සමඟ සියෝනා චන්න අවුරුදු 76 ක් ආයු වැලඳීම පවා ගිනස් වාර්තාවක් කියාය.

මිසොර්මා (රොයිටර්)


RECOMMEND POSTS