සිංහයෙක් වීදිපුරා නිදැල්ලේ සැරිසරලා



සෞදි අරාබියේ අල්-කොබාර් නගරයේ වීදිවල සිංහයෙකු නිදැල්ලේ සැරිසැරීම හේතුවෙන් නගර වැසියන් භීතියට පත් වී ඇති බව වාර්තා වේ.

සිංහයා වීදිවල ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක් කිරීමට අල්-කොබාර්හි නගර වැසියන් කටයුතු කර ඇත.

වනජිවී දෙපාර්තුමේන්තුව පැමිණ සිංහයාව පහසුවෙන් අල්ලා ගෙන රැගෙන යෑමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS