වික්ටෝරියා දින 5කට ලොක්ඩවුන්



‘කොවිඩ්-19’ ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට දින පහකට අගුළු දැමීමට ප්‍රාන්ත බලධාරීහු ඊයේ (15) පියවර ගත්හ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ද මේ වනවිට ලොක්ඩවුන් සීමා පනවා ඇත.

ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන මෙල්බර්න් නුවර පිහිටා ඇත්තේ ද වික්ටෝරියා ප්‍රාන්තයේ ය. ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලම නගරය වන්නේ ද මෙල්බර්න් නුවර යි.

නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට සිඩ්නි නුවර අයත් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයටත් මෙල්බර්න් නුවර අයත් වික්ටෝරියා ප්‍රාන්තයටත් ලොක්ඩවුන් සීමා පැනවීමට පියවර ගෙන ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනය මිලියන 6.6කි. මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාවට ඊයේ  මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ මිලදීගැනීම, අත්‍යවශ්‍ය සේවා, ව්‍යායාම, සෞඛ්‍ය සේවා සහ එන්නත් ලබාගැනීම වෙනත් කිසිදු කාර්යයකට නිවෙස්වලින් බැහැරට යා නොහැක.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා ව්‍යාප්ත වීමට පටන් ගෙන මේ වනවිට වසර දෙකකට ආසන්න වී තිබේ.

මීට පෙර අවස්ථා හතරකදී මෙල්බර්න් නුවරට ලොක්ඩවුන් සීමා පැනවීය.

සිඩ්නි නුවරටත් ලොක්ඩවුන් සීමා පනවා තිබෙන බැවින් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් ලොක්ඩවුන් සීමාවලට යටත්ව ඇත.

ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25කට ආසන්න වේ.

(රොයිටර්)


RECOMMEND POSTS