මාස්ක් පලඳින්න - සැමවිටම දුරින් ඉන්න



ප්‍රාන්ත මට්ටමින් සංචරණ සීමා ලිහිල් කෙරුණත්, මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම අනිවාර්යයෙන් කළ යුතු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට වැසියන්ට පවසා තිබේ.

අද වනවිට ඉන්දියාව මුහුණ දෙන්නේ දෙවැනි කොරෝනා රැල්ලටය. ලෝකයේ කොරෝනා ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවය. ඉන්දියාව දෙවැනි වන්නේ ඇමෙරිකාවටය.

කෙසේ නමුත් පනවා තිබුණු ලොක්ඩවුන් තහංචි හේතුවෙන් ප්‍රාන්ත මට්ටමින් ආසාදිතයන් වාර්තා වීම අඩුවී ගොස් ඇතැයි පැවැසෙයි.

සංචාර සීමා ලිහිල් කිරීමත් සමඟ සංචාරක ස්ථානවලට සහ ආගමික උත්සව වලට විශාල වශයෙන් පිරිස් එක්රොක් වීමට පටන්ගෙන තිබේ.

මුහුණු ආවරණ පලඳින ලෙසත්, සමාජ දුරස්ථභාවය රැක ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය මෝදි ඉන්දීය වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මේ නිසාය. ඉන්දීය වෛද්‍ය සංසදය අනතුරු අඟවා ඇත්තේ ඉන්දියාව ඉදිරි සති කීපයේ දී තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙනු ඇති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS