නිරෝධායනයට ගිය පුටින් හරිම විනෝදෙන්



'කොවිඩ් 19' ආශ්‍රිතයකුගේ සමීපතමයකු වූ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මේ දිනවල ස්වයං නිරෝධානයට යොමු වීම සඳහා අසල්වැසි සයිබීරියාවේ කඳුකරය බලා ගොස් ඇතැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.‍

'තමන් දින කීපයක් නිරෝධායනයේ සිටිනවා' යැයි පවසමින් රුසියන් ජනාධිපතිවරයා, සයිබීරියානු කඳුකරයේ මසුන් අල්ලන අයුරු සහ ඇවිදින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂිගෝව් පවසා ඇත්තේ නිරෝධායනයට යොමු වෙද්දී අවස්ථා කීපයකදී ජනාධිපති පුටින් 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කළ බවත්, ඔහුට වයිරසය ආසාදනය වී නොමැති බවත්ය.

විවේක ගැනීමට රුසියන් ජනාධිපති පුටින් තෝරා ගන්නේ සයිබීරියානු කඳුකරයයි. මෙවර ද ඔහු සර්බියානු කඳුකරය බලා ගොස් ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායමක් ද සමඟය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS