කොරෝනා එක්ක ජීවත් වෙන්න සූදානම්



'කොවිඩ්19’ පාලන සහ කළමනාකරණය සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ උපායමාර්ග වෙනස් කර, වයිරසය සමඟ ජීවත් වීමට නවසීලන්තය සූදානම් වෙයි.

ඒ සඳහා ඔවුන් සිය එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට පටන් ගෙන ඇති, ඊයේ (17) දිනයේ 124,669 කට එන්නත් ලබා දීම සිදු කළේය. එය සියයට 2.5 ක ප්‍රතිශතයක් බව නවසීලන්ත සෞඛ්‍ය අමත්‍යාංශය පෙන්වා දෙයි. නවසීලන්තයේ ජනගහනය මිලියන 4.9 කි.

“අප අපේ රට වෙනුවෙන්, ඉලක්කයක් තබා තිබෙනවා. අප එම ඉලක්කයට ළඟා වෙන්න ඕනෑ. අප 1,50,000 ඉලක්කයට යෑමයි කළ යුත්තේ. එහෙම කරමු නැතිනම්, හැමදාම ගෙදර රැ‍දෙන්නයි වෙන්නේ'' යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසා තිබේ.
වසංගතය පැවැති පසුගිය වසර දෙකකට ආසන්න කාලයේදී නවසීලන්තය ඉතා හොඳින් වයිරස ව්‍යාප්තිය පාලනය කර ඇති එය හොඳින් කළමනාකරණය කරන ලද රටවල් අතළොස්ස අතරට ද එක් විය. එපමණක් නොව වයිරසය පාලනය කළ රටක් ලෙස ලොව ඉහළ පිළිගැනීමක් ද ලැබී ය.

කෙසේ නමුත් ඉකුත් අගෝස්තු මාසයේ මැද සිට එරට ට තරමක අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එරට තුළ නව කොරෝනා වයිරසයේ 'ඩෙල්ටා' ප්‍රභේදය පැතිර යෑමට පටන් ගැනීමය. සිය උපායමාර්ග වෙනස් කරමින් නවසීලන්තයේ එන්නත් ලබාගැනීමට සුදුසු සමස්ත ජනගහනය වේගයෙන් සම්පූර්ණයෙන් එන්නත් රජය තීරණය කර ඇත. ඒ අනුව මෙලෙස ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන වේගවත් කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS