කොරියා නායකයාගේ බර අඩුවෙලා



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවී ඇතැයි දකුණු කොරියා පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය 8 වැනිදා රාත්‍රියේ, උතුරු කොරියාවේ හමුදා පෙළපාළියක් පැවැත්විණි. නායක කිම් ජොන් උන් ඊට සහභාගී වූ අතර ඔහු පෙළපාළියට එක් වුණු සොල්දුදාවන්ට අත වනමින් ආචාර කරන අයුරු දකින්න ලැබුණි.

එහිදී පැහැදිලිව පෙනී ගිය කරුණක් වූයේ ස්ථුල ශරීරයකට හිමිකම් කියන කිම් ජොන් උන්ගේ බර කිලෝ ග්‍රෑම් 20 කින් පමණ අඩු වී ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර ඇත්තේ නායක කිම් ජොන් උන් කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙනවා විය හැකි බවය.

(රොයිටර්)


RECOMMEND POSTS