කාශ්මීර ත්‍රස්ත කණ්ඩායමක් අල්ලා ගැනෙයි



ඉන්දු කාශ්මීරයේ ඉන්දීය මධ්‍යම රජය නියෝජනය කරන දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සැලැසුම් කළ බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයන් පස් දෙනකු කොටු කර ගැනීමට කාශ්මීර පොලිසිය සමත් විය.

පොලිස්පති විජේ කුමාර් මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙම ත්‍රස්ත කණ්ඩායම කොටු කර ගැනීමට හැකිවූයේ ඔවුන්ගේ බ්ලොග් අඩවියක් හරහා තොරතුරු ලබා ගැනීමෙන් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී නවීන පරිගණක, චන්ද්‍රිකා දුරකතන ආදිය හමුවුණු බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පවසා ඇත. මෙම කණ්ඩායම 'කාශ්මීර්ෆයිට්' යන නමින් පවත්වාගෙන ගිය බ්ලොග් අඩවිය සමඟ කාශ්මීර තරුණ තරුණියන් බොහෝ දෙනකු එක් වී සිටින බවත්, ඔවුන්ගේ සහාය එම බෙදුම්වාදීන්ට ලැබෙන බවත් පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS