කාන්තාවන්ට නව රජයේ ඇමැති ධුර නෑ



කාන්තාවන් අමාත්‍ය ධුර දැරීමට සුදුසු නොමැති බවත්, ඔවුන්ගේ ප්‍රධානම කාර්යය සැමියාට කීකරු වීම සහ දරුවන් බලා ගැනීම බවත් තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයකු වන සෙයිද් සෙක්රුල්ලා හෂිමි පවසා තිබේ.

සෙයිද් සෙක්රුල්ලා හෂිමි මෙසේ පවසා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ 'ටෝලෝ' ප්‍රවෘත්ති සේවාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.  තලේබාන් නව රජයට කාන්තා නියෝජනයක් අවශ්‍ය යැයි කාන්තා ක්‍රියාකාරිනියෝ පිරිසක් ඉකුත් සතියේ කාබුල් අගනුවර විරෝධතා රැලියක් පැවැත් වූහ. සෙයිද් සෙක්රුල්ලා හෂිමි සිය අදහස් දක්වා සිටියේ, මෙම විරෝධතාව සම්බන්ධයෙනි.

කිසිම අවස්ථාවක කාන්තාවන්ට අමාත්‍ය ධුර දැරීමට අවස්ථාවක් ලබා නොදෙන බවත්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මැදිහත් වී පිහිටුවා තිබුණු ඇෆ්ගන් නව රජය යටතේ ඇෆ්ගන් කාන්තා පරපුර අනාචාරයට යොමු වී ඇති බවත් සෙයිද් සෙක්රුල්ලා හෂිමි පැහැදිලි කළේය. මේ වනවිට තලේබාන්වරුන් අන්තර්වාර රජයක් පිහිටුවා ඇති අතර, එහි කිසිදු කාන්තා නියෝජනයක් දකින්න ලැබෙන්නේ ද නැත.

(රොයිටර්)


RECOMMEND POSTS