අල් කයිඩා නායකයා දේශසීමාවේ සැගවිලා



අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ වත්මන් නායක අයිමාන් අල් සවාරී ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා කඳුකරයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි තොරතුරු ලැබෙන බව ඇමෙරිකාව කියයි.

අයිමාන් අල් සවාරී, පමණක් නොව, අල් කයිඩා සංවිධානයේ සෙසු නායකයන් බොහොමයක් ද සැඟවී සිටින්නේ මෙම කඳුකරයේ යැයි පැවැසෙයි.

අල්කයිඩා සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් උතුරු අප්‍රිකානු හෝ මැදපෙරදිග සම්භවයක් සහිත පුද්ගලයන් බව ද පැවැසෙයි. කෙසේ නමුත්, බහුතරයක් අල්කයිඩා සාමාජිකයන් ඇෆ්ගනිස්ථාන සහ පාකිස්තාන ජාතිකයන් වන අතර, බංග්ලාදේශ, ඉන්දීය සහ මියන්මාර මුස්ලිම් ජාතිකයන් ද ඊට ඇතුළත්ය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS