බයිඩන් පුටින් හමුව 16 වැනිදා



බෙල්ජියමේ බ්‍රසල් නුවර 'නෝටෝ' සමුළුවට සහභාගීවීමෙන් පසු, ලබන 16 වැනිදා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, බිරිඳ ජිල් සහ නියෝජිත කණ්ඩායම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යෑමට නියමිත අතර, ජිනීවා නුවරදී බයිඩන් සහ රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුව පැවැත්වෙයි.‍

ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු බයිඩන් සහ පුටින් දෙදෙනා එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙයයි. බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූයේ, ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස බයිඩන් සහ පුටින් එකිනෙකා හමුවී තිබේ.

යුක්රේන රුසියා අර්බුදය, රුසියන් විපක්ෂ නායක නෙවලි අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සහ නෙවල්නිගේ දේශපාලන පක්ෂය තහනම් කිරීමට රුසියන් රජය පියවර ගැනීම පමණක් නොව, රුසියාවෙන් ඇමෙරිකාවට එල්ල වන තර්ජන ආදිය සම්බන්ධයෙන් තමන් විවෘතව පුටින්ගෙන් විමසීමට බලාපොරොත්තු වන බව ජනපති බයිඩන් පවසා ඇත.

රුසියන් ජනාධිපති පුටින් හමුවී සාකච්ඡා කර, ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින අර්බුදකාරී තත්ත්වයන් සමතයකට පත් කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවත්, රුසියන් ජනාධිපති පුටින් ද තමන් හමුවීමට බොහොම කැමැත්තෙන් පසුවන බවත් ජෝ බයිඩන් වැඩි දුරටත් පවසා තිබේ.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS