’කොවිඩ් 19’ සිරුර අප්‍රාණික කරනවා



'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී සුවය ලැබූවන් 'ගිලියන් බැරේ සින්ඩ්‍රෝම්' යනුවෙන් හඳින්වෙන දුර්ලභ අංශ භංග රෝගී තත්ත්වය ද ගොදුරු වන බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරු පවසති.

බ්‍රිතාන්‍ය වෛද්‍යවරු මෙසේ පවසන්නේ, 'කොවිඩ් 19' ආසාදනය වී සුවය ලබා පසුව, 'ගිලියන් බැරේ සින්ඩ්‍රෝම්' රෝගී තත්ත්වයට ගොදුරු වූවන් ගැන මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වීමට පටන් ගෙන ඇති බැවිනි.

මෙසේ අංශ භංග තත්ත්වයට පත් වන්නේ 'කොවිඩ් 19' වයිරසය හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම නිසා යැයි ද වෛද්‍යවරු පැහැදිලි කරති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS