රුසියාවේ සරසවියක වෙඩි තැබීමක්: 7 ක් මරුට



රුසියාවේ පර්ම් නුවර, විශ්ව විද්‍යාලයක සිදුවුණු වෙඩි තැබීමකින් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වී තවත් 6 දෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීම කර ඇත්තේ ද විශ්ව විද්‍යාල ශිෂ්‍යයයෙකි.

එම ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එම ශිෂ්‍යයා ප්‍රහාරය එල්ල කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් එය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව රුසියන් ආරක්ෂක අංශ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS