තායිවානයට සමග සාමයෙන් කටයුතු කරනවා



තායිවානය සමඟ සාමකාමී දේශපාලන එක්වීමක් අපේක්ෂා කරන බවත්, චීනය ඊට සූදානම් බවත්, චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. චීන ජනාධිතිවරයා මෙසේ පවසා ඇත්තේ, තමන් ආක්‍රමණය කිරීමට චීනය සූදානම් වෙනවා යැයි තායිවානය දිගින් දිගටම පැවැසීමත් සමඟය.

චීන හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා 'සැලකිය යුතු ප්‍රමාණයක්' තායිවාන ගුවන් සීමාව විටින් විට උල්ලංඝනය කරන බවට තායිවානය පසුගිය දා චෝදනා කරන්න විය.

චීනයේ කෙණෙහිලිකම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බවත්, වසර 2025 වෙද්දී, චීනය මුළුමනින්ම තායිවානය ආක්‍රමණය කරනු ඇති බවත් තායිවාන ආරක්ෂක අමාත්‍ය චීයු කුඕ චෙංග් බිය පළ කර තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින් තායිවානය සමඟ සාමකාමී දේශපාලන එක්වීමක් අපේක්ෂා කරන බවය. ගැටුම් ඇති කර ගැනීමට කිසිසේත් අවශ්‍ය නොවන බව ද චීන ජනාධිපතිවරයා තායිවාන රජයට පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS