ඉන්දියාවෙන් පාකිස්තානයට චෝදනා



පාකිස්තානය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී සිටින්නේ, ඔවුන් ත්‍රස්තවාදයට උඩගෙඩි දීම සහ අනුග්‍රහය දැක්වීම නිසා යැයි එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වුණු ඉන්දීය නියෝජිත ස්නේහා ඩූබී චෝදනා කළාය.

''අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ ත්‍රස්ත ක්‍රියාකාරකම් රැසකට පාකිස්තානය සම්බන්ධයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පාකිස්තානයේ කෙරුවාව දන්නවා. අල් කයිඩා නායක බින් ලාඩන්ට සැඟවී සිටින්න අවසර දුන්නේ පාකිස්තානයයි. ඒ බව ඔප්පු වී අවසන්. පාකිස්තාන රජය සහ එරට නායකයන් සියලු දෙනා කරන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් වීරයෝ ලෙස පිළිගැනීමයි.'' යැයි ස්නේහා ඩූබී කළ ප්‍රකාශය පාකිස්තානයේ දැඩි විරෝධයට හේතුවක් විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS