ව්‍යසන මැද අභියෝග ජයගත් ඉන්දියාව



කොරෝනා වෛරසයේ අදුරු වලාවන්ගෙන් ඉන්දියාව වෙලාගෙන තිබු මොහොතක එම අභියෝග ජයගෙන ආර්ථික අභියෝගද මනා ලෙස කළමනාකරණය කර ගැනීම පැසසුම් සහගතය. මෙම ගෝලීය අර්බුදකාරී තත්වය තුළ රට සවයංපෝෂිත කරන බවට ඉන්දියානු අගමැතිවරයා රට හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙන ලදී. ගෝලීය ව්යවසනයකදී බිලියනයකට අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාව එම අර්බුදකාරී තත්වයට මුහුණ දෙන ආකාරය මුළු ලෝකයම අස් දල්වා බලා සිටියේය. එවන් පසුබිමක 2020 වර්ෂයේ මැයි මසදී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොරෝනා අර්බුදයෙන් රට ගොඩගැනීම සදහා විශේෂ ආර්ථික සහන පැකේජයක් හදුන්වා දෙන ලදී. එම වෙන්කළ මුදල දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 307 ක් පමණ වන අතර එය එරට දල දේශීය නිෂ්පාදිතයෙන් 10% ප්‍රමාණයකි.

ස්වයංපෝෂිත ඉන්දියාවක් ව්‍යාපාරය

මෙහිදී ඉන්දියාව හැකි සෑම ආකාරයකින්ම ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට මෝදී අගමැතිවරයා නිවේදනය කළ අතර ස්වයංපෝෂිත ඉන්දියාවක් වයාපාරය නමින් නව වැඩසටහනක් ආරම්භ කරන ලදී. රටේ ස්වයංපෝෂිතභාවය සඳහා වූ මෝදී අගමැතිවරයාගේ කාලෝචිත තීරණය මගින් රට අගුළුදැමීම හේතුවෙන් බලපෑමක් ඇති කළ ඉන්දියානුවන්ගේ ජීවනෝපායට තල්ලුවක් ලබා දෙන ලදී. ස්වයංපෝෂිතභාවයේ මූලික වශයෙන් ආර්ථික දියුණුව, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ජනජීවිතය නගා සිටුවීම කෙරෙහි මූලිකව යොමු විය. ආර්ථික සහන පැකේජය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිරන්තර සමාලෝචන සහ අධීක්ෂණය මුදල් අමාත්‍යවරයා විසින් පුද්ගලිකව සහ නියමිත කාලසීමාවන්හිදී අධීක්ෂණය කරන ලදී. ආර්ථික පැකේජයේ කොටසක් ලෙස, ඉන්දියානු ආර්ථිකයේ කොඳු නාරටිය වන දේශීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා විශාල සහන ලබා දෙන ලදී. කොන්ත්‍රාත්නකරුවන් වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමු වූ අතර එහිදී කොන්ත්‍රාත් වගකීම් සම්පූර්ණ කිරීම සඳහා දුම්රිය, ප්‍රවාහන හා මහාමාර්ග අමත්‍යාං සදහා ප්‍රමුඛ ලබා දෙන ලදී. වෛරසය නිසා ඇති වූ ආර්ථික විනාශය නොතකා, විශේෂයෙන් 2021 මුල් භාගයේදී වෛරසයේ මාරාන්තික දෙවන රැල්ල කඩිනමින් කළමනාකරණය කිරීමට ඉන්දියාව සමත් විය. වෛරස් ඩෙල්ටා ප්‍රෙභ්දෙය් බලපෑම දැනුණු පළමු රට ඉන්දියාවයි. ඉන්දියාව තමන්ගේම ජනතාව ආරක්ෂා කර ගැනීමට අමතරව, ලොව පුරා රටවල් 150 කට වැඩි ගණනකට  සැපයුම් සහ උපකරණ ලබා දීමෙන් සහ කොරෝනා එන්නත සඳහා තීරණාත්මක සැපයුමක් ලෝක වෙළඳපොළට ලබා දීමෙන් ගොලීය යහපත වෙනුවෙන් ද ක්රියා කර ඇත. එනම් වසංගත තත්වය තුළ ලෝක නායකයෙකු ලෙස ඉන්දියාව සිය නිදහසේ 75 වන වසර සමරන මොහොතක ලොවටම ප්‍රදර්ශනය කර ඇත.

එන්නත් රාජ්‍ය තාන්ත්‍රිකත්වය

මැයි 1 වන දින, එක් දිනක් තුළ කොරෝනා වයිරස් එන්නත් කිරීම් ලක්ෂ 4 කට වඩා සිදු කළ ලොව පළමු රට බවට ඉන්දියාව වාර්තා පොතට එක් වූයේ කොරෝනා වෛරසයට එරෙහිව එරට රජයේ කැපවීම ප්‍රදර්ශනය කරමිනි. පෙර නොවූ විරූ රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීමක් ලෙස, ඉන්දියාව විසින් රට තුළ නිපදවූ බ්‍රිතාන්‍ය විසින් හදුන්වාදුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නතෙහි මාත්‍රා මිලියන ගණනක් අසල්වැසි දකුණු ආසියානු රට වලට පරිත්‍යාග කරන ලදී. ‘එන්නත් රාජ්‍ය තාන්ත්‍රිකත්වය’ නව දිල්ලියේ ගෝලීය පැතිකඩ ඉහළ නැංවීම අරමුණු කරයි. ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා ලෙස, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට කොරෝනා වෛරසයට එරෙහිව දැරිය හැකි මිලකට එන්නත් සැපයීමේ පෙරමුණ ගැනීමට ඉන්දියාවට හැකි විය. ගෝලීය අවකාශය තුල, ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් මෙහෙයවනු ලබන්නේ ලෝකය එක් පවුලක් යන දර්ශනය මගිනි. නවීකරණය කරන ලද සහ ප්‍රතිසංස්කරණය කරන ලද බහුපාර්ශ්විකත්වය සඳහා වන ඉන්දියාවේ ඉල්ලීම ගෝලීය නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සමපාත වෙමින් පවතී. නව දිල්ලිය සිය රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම සඳහා (වැක්සීන් මෛත්‍රී) එන්නත් මිත්‍රත්වය යන තමන්ගේම හැෂ් ටැගය ලබා දී තිබේ. ඉන්දියාව විසින් කොරෝනා එන්නත් ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය, මුරිසි, ඇෆ්ගනිස්තානය සහ සීෂෙල්ස් යන රටවලට ලබා දෙන ලදී.

දේශීය නිෂ්පාදන වල වැඩි වීම

ඉන්දීය ජනගහනයෙන් 58% ක පිරිසකගේ ජීවන වෘත්තිය රැදී ඇත්තේ කෘෂිකර්ම මතය. දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකර්මාන්තයේ දායකත්වය 2019-2020 කාලය තුළ දී 17.8% ක් විය. එය 2020-2021 කාලය තුළදී 19.9% ක වර්ධනයක් පෙන්නුම් කරයි. ඉන්දියාව ලොව විශාලතම කිරි නිෂ්පාදන රට වන අතර එයට ලෝකයේ කිරි  නිෂ්පාදනයෙන් 21% ක ප්‍රමාණයක් අත්පත් කර ගනියි. ලොව විශාලතම සීනි නිෂ්පාදනය කිරීමේ රටවල් දෙක අතරට ඉන්දියාව ද ඇතුළත් වෙයි. මීට අමතරව ඉන්දියාව ලොව දෙවන විශාලතම තිරිගු සහ මාළු නිෂ්පාදකයා වන අතර බිත්තර නිෂ්පාදනය කිරීම අතින් ලොව තුන්වන ස්ථානය ද ඉන්දියාව හිමි කර ගෙන ඇත. මීට අමතරව ලොව 7 වැනි විශාලතම කෝපි නිෂ්පාදනය කිරීමේ රට ලෙසට ඉන්දියාව පත් වී ඇත. නිදහසින් පසු අපනයන භණ්ඩ නිෂ්පාදනය 600 ගුණයකින් වැඩි කර ගැනිමට ඉන්දියාව සමත් වී ඇත. වර්ෂ 2021 සිට 2022 අතර කාලය තුළදී මුළු අපනයන අදායම ඩොලර් බිලියන 674 ක් පමණ විය. එම මුළු අපනයන අදායමෙන්, භාණ්ඩ අපනයනයෙන් ලැබූ අදායම ඩොලර් බිලියන 420 ක් පමණ වන අතර සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 254 ක් උපයා ගන්නා ලදී. 2013 දී මී පැණි අපනයනය කිරීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 124 ක අදායමක් උපයා ගෙන ඇති අතර එම ආදායම ව්‍යසනකාරී කාලපරිච්ඡේදයකදී එනම් 2021 වර්ෂයේදී රුපියල් කෝටි 309 දක්වා වර්ධනය කර ගැනීමට ඉන්දියාව සමත්වී ඇත. මේ අතර ලෝකයේ මී පැණි නිෂ්පාදනය කිරීම අතින් ඉන්දියාව ලොව 8 වැනි ස්ථානයේ හිමි කරගෙන ඇත. මී පැණි අපනයනය කරන රටවල් අතරින් ඉන්දියාව 9 වැනි ස්ථානය අත්කරගෙන සිටියි. 2021 වර්ෂයේ සිට 2022 වර්ෂය අතර කාලය තුළදී ඉන්දියාව තිරිගු ටොන් මිලියන හතක් සහ ඩොලර් බිලියනයක් වටිනා කෝපි අපනයනය කර ඇත.

නිදහසින් පසු ධාන්‍ය නිෂ්පාදනය හය ගුණයකින් වැඩි කර ගැනීමට ඉන්දියාව සමත් වී ඇත. 2021 සිට 2022 වර්ෂය අතර කාලය තුළදී සිය ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 314.51 දක්වා වැඩිකර ගැනීමට ඉන්දියාව කටයුතු කර ඇත. මේ වන විට ඉන්දියාව ලොව දෙවන විශාලතම තිරිගු නිෂ්පාදකයා ලෙසට සලකනු ලබයි. කොරෝනා වෛරසයේ ව්‍යාපෘතිය ආරම්භ වන විට, පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ එතරම් උනන්දුවක් නොතිබුණි. නමුත් ව්‍යසනය අභියෝගයක් වන විට ඊට මුහුණ දීමට ඉන්දියාව සූදානම් විය. මේ වන විට ඉන්දියාව චීනයට පසුව පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල නිපදවන ලොව දෙවන විශාලතම රට බවට පත් වී ඇත. ගෝලීය අර්බුදයක් පවතින මෙවන් වකවානුවක ඉන්දියාව සිය ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධන කිරීම උපරිම තලයකට ළගා කර ගෙන ඇති අතර එය ගෝලීය වශයෙන් සංසන්දනය කරනවිට නව වාර්තා රැසක් පිහිටුවීමකි. මෙම වසන්ගත කාලය තුළදී ඉන්දියාව තුළ ජාතික මට්ටමේ මහාමාර්ග ඉදිකිරීමේ සාමාන්‍ය වේගය 25%කින් ඉහළ ගොස් ඇත. කිලෝමීටර් 65,000 ක දිගින් යුත් ජාතික මහාමාර්ග ජාලයක් සංවර්ධනය වෙමින් පවතී.

ලොව උසම දුම්රිය පාලම

2021 අප්‍රේල් 5 වන දින ජම්මු සහ කාශ්මීරයේ චෙනාබ් ගග හරහා ලොව උසම දුම්රිය පාලමේ ආරුක්කු ඉදිකිරීම ඉන්දියානු දුම්රිය බලධාරීන් විසින් නිම කිරිම එරට දුමිරිය ඉතිහාසයේ විජයග්‍රහණයකි. ඉංජිනේරුවන්ගේ සුවිශේෂී හැකියාවන් මනාව ප්‍රකට කරන මෙම පාලම දුම්රිය මගීන්ට ගමන් මාර්ගය කෙටි කර කාලය ඉතිරි කර දීම පමණක් නොව සමස්ථ ඉන්දියානුවන්ටම මහත් අභිමානයක් ගෙන දෙන්නකි.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

ඉන්දියාව වර්තමානය වන විට ලෝකය එක පවුලක් යන සංකල්පය පදනම් කරගෙන සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගනිමින් සිටියි. විශේෂයෙන් සිය අසල්වැසි මිතුරු රාජ්‍යන් සදහා විපතේදී උදව් කරන මිතුරෙකු ලෙසට ඉන්දියාව කටයුතු කරමින් සිටියි. හින්දුතාන් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට ඉන්දියාව මේ වසරේදී පමණක් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන හතර ණය පහසුකම් සපයා ඇත. එය ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට මහගු පිටිවහලක් බවට නොරහසකි.

ඉන්දීය රජය අර්බුදකාරී අවස්ථාවේදී අභියෝග මනා ලෙස කළමනාකරණය කර ගනිමින් ජාත්‍යන්තරය ද ජයගන්නා මාවතට පිවිස ඇත. බිලියන 1.3 ට අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාව ගෝලීය අර්බුදය හමුවේ ප්‍රතාපවත් යෝධයකු ලෙස නැගී සිටිමින් ගෝලීය නායකත්වය කරට ගැනීම තුලින් ප්‍රදර්ශනය කළ අද්විතීය හැකියාවන් ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රට වලට මහගු ආදර්ශයක් වනු නොඅනුමානය.

(ඉන්දීය මාධ්‍ය වාර්තා ඇසුරිනි)


RECOMMEND POSTS