හිරේ ඉන්න මදුරෝගේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදා වෙනිසියුලාවට ගොස්, කුදලාගෙන ආ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ රැදවුම් මධ්‍යස්ථානයක සිටින ඡායාරූප සහ වීඩියෝ ඇමෙරිකන් රජය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඇමෙරිකන් ඩෙල්ටා ෆෝස්, හමුදා සොල්දාදුවන්, මහ රෑ වෙනිසියුලායේ කැරකස් අගනුවරට ගොස්, නිකලස් මදුරෝ සහ බිරිඳ කුදලාගෙන ආවේ ඉකුත් ජනවාරියේය.

ඇමෙරිකාවට එරෙහිව, මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සමග සම්බන්ධකම් පැවැත්වීම මදුරෝටත් බිරිඳටත් එල්ල වී ඇති චෝදනාවය. එම චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් නුවර අධිකරණයක් හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි.

තමන් තවමත් ශක්තිමත්ව සහ නොසැලී සිටින බවත්, දෙවියන් වහන්සේ තමන් සමඟ සිටින බවත්, තමන්ට යළි වෙනිසියුලාව බලා පැමිණීමට හැකිවනු ඇති බවත් මදුරෝ සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත. මදුරෝ මෙන්ම බිරිඳ ද ඔවුන්ට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.


RECOMMEND POSTS