දැඩි උණුසුමින් 486 ක් මියගිහින්



දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගතවුණු දින පහ ඇතුළත කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් පමණක් මරණ 486 ක් වාර්තා වේ.

පසුගිය සිකුරාදා (25) සිට මේ දක්වා මරණ 486 ක් සිදුවී ඇති බවත්, මරණවලට හේතුව අධික උණුසුම සිරුරට දරා ගැනීමට නොහැකි වීම බවත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රධාන මරණ පරීක්ෂක ලීසා ලැපොයිනේත් මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය. මරණයට පත්වුණු වැඩිදෙනා වැඩිහිටි පුද්ගලයන්ය.

වසර මැද උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන නමුත් මෙවර අන් කවරදාටත් වඩා හිටිහැටියේ උණුසුම ඉහළ ගොස් ඇති බවත් එය සෘජුව කාලගුණ විපර්යාසවල අනිසි ප්‍රතිඵලයක් බවත් කැනඩා කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. පසුගිය දින කීපයේ බ්‍රිටිෂ් කෙලොම්බියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.6 සීමාවේ පැවැති බව ද කාලගුණ විද්‍යාඥයෝ පවසති.

වැන්කූවර් (රොයිටර්)


RECOMMEND POSTS