රෝහලට යන්න කලින් කළුකුමන්ලාට අභයදානය



වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල්ගතවීමට පෙර, මරණයට කැපවුණු කළුකුමන් දෙදෙනකුට අභයදානය පිරිනැමීම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඇමෙරිකානුවන්ගේ තුති පුද කිරීමේ දිනය දා රාත්‍රී භෝජන සංග්‍රහයේ අනිවාර්ය අංගය රෝස්ට් කළ කළුකුම් මස් ය. ඒ අනුව, සෑම වසරකම ඇමෙරිකන් ජනාධිපතිගේ මැදිහත් වීමෙන් තුති පුද කිරීමේ නිවාඩු දිනයට පෙර, කළුකුමන් දෙදෙනකුට අභයදානය හිමිවෙයි. එය ඇමෙරිකාවේ සම්ප්‍රදායකි.

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ලෙස කළුකුමන්ට අභියදානය දුන් පළමු අවස්ථාව මෙයයි. අභයදානය දීමේ සාම්ප්‍රදායික උත්සවය පැවැත්වූයේ ධවල මන්දිරයේ 'රෝස් ගාඩ්න්' උද්‍යානයේදීය. අභයදානය ලැබුවේ 'පීනට් බටර්' සහ 'ජෙපි වොන්' නමැති කළුකුමන් දෙදෙනාය.

අභයදානය හිමිවුණු කළුකුමන්ලා දෙදෙනා නිදහසේ ජීවත් වීමට ඉන්දියානා ජනපදයේ, පර්ඩූන් විශ්ව විද්‍යාලයට අයත් ගොවිපොළට යැවීම සිදුවෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS