ඉක්කා වැටුණු ජනාධිපති රෝහලේ



බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 66 හැවිරිදි ජනාධිපතිවරයා රෝහල් ගත කෙරුණේ දින10 ක් තිස්සේ නොකඩවා ඉක්කා වැටීම හේතුවෙන් යැයි වෛද්‍යවරු කියති.‍

ජනාධිපතිවරයාට හදිසි සැත්කමක් සිදු කළ යුතුදැයි නැද්ද යන්න ස්කෑන් පරීක්ෂණයකින් තීරණය කරන බව ද වෛද්‍යවරු පැහැදිලි කරති.

ජනාධිපති බොල්සරානෝ පසුගිය 3 වැනිදා දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමුවට ගොස් කෘත්‍රිම දතක් බද්ධ කර ගත්තේය.

ඉක්කා වැටීම ආරම්භ වූයේ ඉන්පසුව යැයි බොල්සරානෝ පවසයි. නොනවත්වා ඉක්කා වැටීම හේතුවෙන් පසුගිය දින කීපය පුරා බොල්සරානෝ දැඩි අපහසුතායකින් පසුවුණු බව බ්‍රසීල මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

අන්ත දක්ෂිණාංශික නායක බොල්සරානෝ මේ වනවිට බ්‍රසීල වැසියන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට ද පත් වී සිටී. ඒ, කොරෝනා වසංගතය නිසි ලෙස කළමණාකරනය නොකිරීම සහ එන්නත් ඇණවුම් කිරීමට ප්‍රමාද වීම නිසාය. අද ලොව දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS