උතුරු කොරියාව දිය යට ඩ්‍රෝන යානයක් අත්හදා බලයි



උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ එරට හමුදාව න්‍යෂ්ටික බලැති, දිය යටින් ගොස් පහර දිය හැකි ආකාරයේ, මිනිසුන් රහිත ඩ්‍රෝන යානයක් සාර්ථකව අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියානු හමුදාව මෙම ඩ්‍රෝන යානය හඳුන්වා දී ඇත්තේ, ‘විකිරණශීලී සුනාමියක්’ නිර්මාණය කළ හැකි ආකාරයේ ඩ්‍රෝන යානයක් කියාය. දිය යටින් ගොස් නැව් සහ සබ්මැරීනවලට පහර දීමට මෙම ඩ්‍රෝන යානයට හැකියාව තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, පසුගිය 21 වැනිදා සිට 23 වැනිදා තෙක් කාලයේ උතුරු කොරියාව පැය 60 කට වැඩි කාලයක් ඩ්‍රෝන යානය අත්හදා බලා ඇතැයි ද පැවැසෙයි.

මෙම උපාය මාර්ගික ඩ්‍රෝන යානය, නිපදවීමේ අරමුණ වී ඇත්තේ සතුරු සීමාවට සතුරන්ට නොදැනෙන පරිදි ඇතුළු වී විකිරණශීලි සුනාමියක් ඇති කිරීමෙන් සතුරු ඉලක්ක විනාශ කර දැමීම බව ද පැවැසෙයි.

‘විකිරණශීලී සුනාමියක්’ යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ, න්‍යෂ්ටික පිපිරීමකින් පසු දසත විහිදී පැතිරී යන එම පිපිරුමෙන් නිකුත් වන විකිරණය. මෙම විකිරණ ඇසට නොපෙනෙයි. එහෙත් සාමාන්‍ය සුනාමියක් සේ මෙම විකිණය අවට පැතිර යන අතර එය පණ ඇති සියලු දේ විනාශ කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS