ඇෆ්ගන් විදෙස් අමත්‍යාංශයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්



ඇෆ්ගන් විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගියේය. ඇෆ්ගන් තලේබාන් රජය පවසා ඇත්තේ එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවය. ප්‍රහාරයෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ.

කාබුල් අගනුවර පිහිටි විදේශ කටයුතු අමත්‍යාංශයට, මෙම වසරේ, මේ අයුරින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙයයි. ප්‍රහාරයෙන් මියගිය 6 දෙනා සිවිල් වැසියන් බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 8 කි.

(රොයිටර්)


RECOMMEND POSTS