ජර්මනියේ මරණ 100,000 පනී



ජර්මනියේ සමස්ත කොරෝනා මරණ අද (25) 100,000 සීමාව පසු කළේය. ජර්මනිය යනු යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍යයයි.

ගතවුණු පැය 24 ඇතුළත ජර්මනියෙන් මරණ 351 ක් වාර්තා විය. ඒ අනුව සමස්ත මරණ 100,119 දක්වා ඉහළ ගියේය.

මේ වනවිට යුරෝපා රටවල 'කොවිඩ් 19' දරුණු රුල්ලක් ආරම්භ වී ඇත. එයින් ද කොරෝනා ආසාදිතයන් සහ මරණ වැඩියෙන්ම වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ ජර්මනියෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS