නරඹන්නන් නැතිව ඔලිම්පික් පැවැත්වෙනවා



ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන ජූලි 12 වැනිදා සිට අගෝස්තු 22 දක්වා නරඹන්නන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබේ.

ජපානයේ ඔලිම්පික් කටයුතු සම්බන්ධ අමාත්‍ය ටමායෝ මරුකාවා පවසා ඇත්තේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවුණු බවය. ඒ අනුව, ක්‍රීඩාංගනවල නරඹන්නන් නොමැතිව ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.

ටෝකියෝ නුවර කේන්ද්‍ර කොට ගනිමින් ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 2020 දීය. කෙසේ නමුත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය මෙම 2021 වසරට කල් දැමුණි.

මේ වනවිට ටෝකියෝ අගනුවරින් යළිත් වරක් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ඒ අනුව, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගනිමින්, විදෙස් ක්‍රීඩකයන් ද ආරක්ෂා කර ගනිමින් විශේෂ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයකට අනුව මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙනු ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS