කලහකාරීන් මෙල්ල කරන්න හමුදාව කැදවයි



දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා සිරගත කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ආරම්භ වු විරෝධතා දිනෙන් දින ප්‍රචණ්ඩකාරී වෙමින් පවතී

කලහකාරී ලෙස හැසිරෙමින්, කැරැලි මර්දන පොලිසියට පහර දෙමින්, කඩසාප්පු කොල්ලකන විරෝධතාකරුවන් මෙල්ල කිරීමට දකුණු අප්‍රිකා රජය මේ වනවිට හමුදාව කැදවා ඇතැයි වාර්තා වේ.

හමුදා සොල්දාදුවන් 25,000 ක පිරිසක් ප්‍රචණ්ඩ ක්‍රියා බහුල නගරවලට යොදවා ඇති බව ද පැවැසෙයි.

විරෝධතා උත්සන්න වී, ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වීමෙන් පසු මේ දක්වා පුද්ගලයෝ 72 ක් මියගොස් ඇති බවත්, 2,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් දකුණු අප්‍රිකා පොලිසිය කියයි.

කඩ සාප්පු සහ සුපිරි වෙළෙද සංකීර්ණ දහසකට වැඩි ගණනක් පහර දීමෙන් විනාහ වී ඇති බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS