පිලිපීනයට හිමිවුණු පළමු රන් පදක්කම



ඉතිහාසයේ පළමු වරට පිලිපීනයට ඔලිම්පික් රන් පදක්කමක් හිමිකරදීමට හිඩිලියන් දියේස් Hidilyn Diaz සමත් වූවාය. ඒ බර ඉසිලීමේ ඉසව්වෙනුයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වෙමින්, කාන්තා කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ යටතේ පැවැති තරගයට සහභාගී වෙමින්, 30 හැවිරිදි හිඩිලියන් බර ඔසවාගෙන මොහොතක් සිටිද්දී, තමන් ජයග්‍රහණය කළ බව වැටහුණු හිඩිලියන් දියේස්ගේ මුහුණ හැඟීම්බර වී, දෑස් තෙත් වන අයුරු සජීවීව පිලිපීන වැසියන්ට පමණක් නොව, මුළු ලොවටම දකින්න ලැබුණි‍.

එය හිඩිලියන් දියේස් ට පමණක් නොව, මුළු මහත් පිලිපීනයටම අමතක නොවන අභිමානවත් දිනයක් වූවාට සැකයක් නැත. පිලිපීන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ හිඩිලියන් දියේස් පිලිපීනයට කීර්තියක් ගෙනදීම ආඩම්බරයක් බවය.

ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් තමන් ආ ගමන බෙහෙවින් දුෂ්කර අභියෝගාත්මක එකක් බව පසුව පසු ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ අත්වල කරගැට ද පෙන්වමිනි. හිඩිලියන් දියේස්, දිළිදු පවුලක දියණියක වන අතර ඇයගේ මාපියන් ජීවත් වන්නේ කුලී වැඩ කරමිනි.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා හිඩිලියන් දියේස් මාස 18 ක් තිස්සේ පුහුණු වූයේ මැලේසියාවේ සිටය. 2016 රියෝ ඔලිම්පික් උළෙලට ද හිඩිලියන් සහභාගී වූවාය. එහිදී ඇයට දිනා ගැනීමට හැකිවූයේ රන් පදක්කමක් පමණි. එම අවස්ථාවේදී ද පිලිපීනයේ ඇය ජාතික වීරවරියක් බවට පත්වූවාය.

පිලිපීනයේ මින්ඩානෝ දකුණුදිග දූපතේ සම්බොන්ගා නගරය හිඩිලියන් උපන් නගරයයි. හිඩිලියන් ට හෝ ඇගේ පවුලේ අයට ජීවත් වීමට හරිහැටි නිවසක් හෝ නොමැති බව පැවැසෙයි.

රන් පදක්කම දිනා ගැනීමට එමෙලිටා සමත් වීමත් සමඟ පිලිපීන රජයෙන් පමණක් නොව පෞද්ගලික අංශයෙන් ද ඇයට ත්‍යාග මුදලක් ලෙස පිලිපීන පෙසෝ මිලියන 33 ක් (ඇමෙරිකන් ඩොලර් 6,55,000 ක්) ලැබීමට නියමිතය. පිලිපීන රජය වැඩිදුරටත් පවසා ඇත්තේ ඇය වෙනුවෙන් නිවසක් ද ලබා දෙන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS