ඕස්ට්‍රේලියාවෙන් ’ඔමික්‍රෝන්’ ආසාදිතයෝ දෙදෙනෙක්



බිහිසුණු විකෘති වයිරස රැසක් මුසුවී නිර්මාණය වූ බවට හඳුනාගත් 'ඔමික්‍රෝන්' කොරෝනා වයිරසය ආසාදනය වූ ගුවන් මගීන් දෙදෙනකු හමුවුණු බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ අනාවරණය කර තිබේ.

මෙම ගුවන් මගීන් දෙදෙනා දකුණු අප්‍රිකාවේ සිට සිඩ්නි නුවරට පැමිණ ඇති අතර සිඩ්නි ගුවන් තොටුපොළේ දී ඔවුන් පීසීආර් පරීක්ෂණවලට ලක් කළ විට කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.

දෙදෙනාට ආසාදනය වී ඇත්තේ 'ඔමික්‍රෝන්'  විකෘතිය බව තහවුරු වූයේ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමෙන් පසු වැඩි දුර පරීක්ෂණ සිදු කළ අවස්ථාවේදීය.

මෙම මගින් දෙදෙනා දකුණු අප්‍රිකාවේ සිට සිඩ්නි බලා පැමිණ ඇත්තේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි. ඔවුන් එම යානයට ගොඩවී ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට දෝහා කටාර් බලා පැමිණීමෙන් අනතුරුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS