’ජී20’ අවධානය ඇෆ්ගනිස්තානයට



ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායක එකමුතුව හෙවත් 'ජී20' සමුළුව ඉතාලිය කේන්ද්‍රකොට‌ ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. සමුළුව මෙහෙයවීම සිදු කළේ මෙවර සමුළුවේ සභාපති ධුරය හොබවන ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගීය.

'කොවිඩ් 19' වසංගතය හමුවේ ලෝකය මුහුණ දෙන ආර්ථික අභියෝගවලට අමතරව, ඇෆ්ගනිස්තාන අර්බුදය සම්බන්ධයෙන් 'ජී20' නාකයන්ගේ වැඩි අවධානට යොමු විය.

ඇෆ්ගනිස්තානයේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වළැක්වීම කළ යුතු බව 'ජී20' ලෝක නායකයෝ ඒකමතිකව තීරණය කළහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමුළුව අමතමින් අවධාරණය කළේ තලේබාන් ග්‍රහණයට පත්වුණු ඇෆ්ගනිස්තානය යළි ත්‍රස්තවාදීන්ගේ කේන්ද්‍රස්ථානයක් වීමට ඉඩ නොතැබිය යුතු බවය.

ඇෆ්ගන් තලේබාන් රජය සමඟ එක් වී, ඇෆ්ගන් වැසියන්ට ආර්ථිකමය වශයෙන් පිහිටුවීමට වෙනම ජාත්‍යන්තර කණ්ඩායමක් ස්ථාපිත කළ යුතු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කළේය.

යුරෝපා සංගමය වෙනුවෙන් එම සංගමයේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලින් ප්‍රතිඥා දුන්නේ ඇෆ්ගන් වැසියන් වෙනුවෙන් සහ ඇෆ්ගන් තලොබාන් පාලනය ප්‍රතික්ෂේප කරමින් සරණාගතයන් ලෙස වෙනත් රටවලට ගිය ඇෆ්ගන් වැසියන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් වෙන් කරන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS