සූ කී බන්ධනාගාරයට



නිවාස අඩස්සියේ රඳවා සිටි මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී  නායිපායිදේව් අගනුවර හමුදා බන්ධනාගාරයේ සිර මැදිරයකට යොමු කර ඇතැයි පැවැසෙයි.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවකු වන 77 හැවිරිදි සූ කී, මියන්මාර අධිකරණය හමුවේ අපරාධ චෝදනා රැසකට වරදකාරිය වී සිටින්නීය. තවත් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට ද නියමිතය.

එම චෝදනා සියල්ලටම වරදකාරිය වුවහොත්, සූ කී ට වසර 150 කට වඩා වැඩි සිරදඩුවමක් හිමිවනු ඇත. එසේ අපරාධ චෝදනාවලට වරදකරුවකු වූ තැනැත්තකු නිවාස අඩස්සියේ රඳවා තැබීම කළ නොහැකි බැවින්, ඇය බන්ධනාගාරයට යොමු කළේ යැයි මියන්මාර හමුදා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS