සී.අයි.ඒ. ඒජන්තවරුන්ගේ ජීවිත අනතුරේ



ඉරානය, පාකිස්තානය සහ චීනය, ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශය වෙනුවෙන් ඔත්තු බලන ඒජන්තවරුන් සොයා ඔවුන් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි ඇමෙරිකානු නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාරණය කර තිබේ.

ඉරානය, පාකිස්තානය සහ චීනය, ඔවුන්ගේ රටවල ඇමෙරිකන් ඒජන්තවරුන් හඳුනා ගෙන ඔවුන් මරා දමන බවත්, ඇතැම් ඒජන්තවරුන් 'ඩබල්' (ද්විත්ව) ඒජන්තවරුන් ලෙස කටයුතු කර ගැනීමට පොළොඹවා ගන්නා බවත් නිව්යෝක් ටයිම්ස් පුවත් පත කළ අනාවරණයේ සඳහන් වෙයි.

නිව්යෝක් පුවත්පත මේ බව අනාවරණය කර ඇත්තේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානීන්ගෙන් ලබා ගත් තොරතුරු පාදක කර ගනිමිනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS