සාරා ඩුටර්ටේ උප ජනපති ධුරයේ දිවුරුම් දෙයි



පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ දියණිය 44 හැවිරිදි සාරා ඩුටර්ටේ කාර්පියෝ, පිලිපීන නව උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන්නාය. දිවුරුම් දීමට ධුරෙයන් සමුගන්නා ජනපති පියා රොද්‍රිගෝ ඩුටර්ටේ ද සහභාගී විය.

පිලිපීන උප ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කි. සාරා ඩුටර්ටේ එළඹෙන 30 වැනිදා නිල වශයෙන් සිය උප ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

පිලිපීනය ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වෙන් වෙන්ව තෝරා ගැනීම සිදුවෙයි. ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණය පැවැත්වූයේ ඉකුත් මැයි මාසයේය.

සාරාගේ දිවුරුම්දීමේ උත්සවයට, පිලිපීනයේ මීළඟ ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් ජූනියර්(කනිෂ්ට) හෙවත් ‘බොංග්බොංග්’ ද සාරාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී සිටියේය.

‘බොංග්බොංග්’ එළඹෙන 30 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. ‘බොංග්බොංග්’ යනු පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුත්‍රයාය.

(රොයිටර්)


RECOMMEND POSTS