ස්ටාලින්ට හිමිවන ලකුණු



තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය, හිටපු මහ ඇමැතිවරයකු වන කරුණානිධිගේ පුතු එම්.කේ. ස්ටාලිං ගේ නායකත්වය යටතේ පවතින 'ඩී.එම්.කේ' පක්ෂයට හිමිවනු ඇතැයි ප්‍රාන්ත පුවත් සේවා අනාවැකි පළ කර ඇත.

තමිල්නාඩු ප්‍රාන්තසභා මැතිවරණය පැවැත්වූයේ ආසන 234 ක් වෙනුවෙනි. තමිල්නාඩු ප්‍රාන්ත පුවත් සේවා අනාවැකි පළ කරන අන්දමට මේ වනවිට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන 'ඩී.එම්.කේ' පක්ෂයට ආසන 170 ක් දිනා ගැනීමට හැකිවනු ඇති බවත්, බලයේ සිටින 'ඒ.අයි.ඒ.ඩී.එම්.කේ' පක්ෂයට දිනා ගැනීමට හැකිවනු ඇත්තේ ආසන 160 ක් පමණක් බවත් පැවැසෙයි.

පසුගිය වසර ගණනාව තිස්සේ තමිල්නාඩු දේශපාලනය දෝලනය වූයේ එම්.කරුණානිධි සහ ජේ. ජයලලිතා අතරේය. ඔවුන් දෙදෙනාගේ අභාවයෙන් පසු පැවැත්වෙන පළමු ප්‍රාන්ත මැතිවරණය මෙය ලෙස සැලකෙයි. මෙවර මැතිවරණයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සහාය හිමිවූයේ 'ඒ.අයි.ඒ.ඩී.එම්.කේ' පක්ෂයටය.

තමිල්නාඩුවේ පමණක් නොව, ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක මැතිවරණ පසුගිය කාලයේ පැවැත්වුණු අතර ඒවා අවසන් වූයේ ඊයේ (29) ය. ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමට එක් හේතුවක් වන්නේ ද මෙම මැතිවරණය. තමිල්නාඩු ප්‍රාන්තයට අමතරව කේරළ, බටහිර බෙංගාල, ඇසෑමය සහ පොණ්ඩිචෙරි යන ප්‍රාන්තවල ද අදියර කීපයක් යටතේ මැතිවරණ පැවැත්විණි.

චෙන්නායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS