විරෝධය මැද පනත් කෙටුම්පත හකුලා ගනී



රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍යවලට තහංචි පනවමින්, විදේශවල සහාය ලබන විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ අරමුණි, ජෝර්ජියා රජය හඳුන්වා දීමට උත්සාහ කළ නව පනත් කෙටුම්පත ජනතා විරෝධය හේතුවෙන් හකුලා ගැනීම සිදුවිය.

නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඊට සහාය දක්වමින් හිමිවූයේ ඡන්ද 36 ක් පමණක් යැයි පැවැසෙයි. පාර්ලිමේන්තුවේ බහුතරය ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ජනතා විරෝධයක් පැවැතිණි. ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේ

පොලිසිය සමඟ ගැටෙමින් ජෝර්ජියානු වැසියන් පනත් කෙටුම්පතට දැඩි ලෙස විරෝධය දක්වන්න විය. ජෝර්ජියාව යනු පැරණි සෝවියට් සමුහාණ්ඩුවේ කොටසකි.

නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී නීතිගත වූයේ නම්, රුසියන් රජය එරට විපක්ෂ කණ්ඩායම්, මාධ්‍ය මර්දනය කරන ආකාරයේ මර්දනයක් ජෝර්ජියාවේ ද ආරම්භ වීමට ඉඩ තිබුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(බීබීසී)


RECOMMEND POSTS