ලොක්ඩවුන් තහංචි තවත් දීර්ඝ කෙරේ



‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බැවින්, තමිල්නාඩුවට පනවා ඇති ‘ලොක්ඩවුන් තහංචි’ මාර්තු 31 තෙක් දීර්ඝ කරන බව තමිල්නාඩු ප්‍රාන්ත රජය නිවේදනය කළේය.

ඒ අනුව, මුහුණු ආවරණ අනිවාර්යයෙන් පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම අනිවාර්ය වන අතර, මුහුණු ආවරණ නොමැති පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ. අත්‍යාවශ්‍ය නොවන සේවා සියල්ල නවතා දමා ඇති බවත්, කාර්යාල සහ පාසල් වසා දමා ඇති බවත් පැවැසෙයි.

මේ අතර තමිල්නාඩු වැසියන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ දෙවැනි අදියර අද (1) ආරම්භ විය. අවුරුදු 60 වැඩි සැමට එන්නත් ලබා දීම සිදුවන අතර, බෝ නොවන රෝගී තත්ත්වයන් ඇති 40 ට වැඩි පුද්ගලයන්ට ද එන්නත ලබා දීම සිදුවන බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS