රුසියාවට ආයුධ දීමේ අදහසක් නෑ



තමන් කිසිම අවස්ථාවක රුසියාවට ආයුධ අලෙවි කර නොමැති බවත්, එසේ ආයුධ අලෙවි කිරීමට අදහසක් ද නොමැති බවත් උතුරු කොරියාව ඇමෙරිකාවට පවසා ඇත.

යුක්රේනය සමඟ යුද්ධයකට පැටලී සිටින රුසියාව, උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට සූදානම් වන්නේ යැයි චෝදනා නගා ඇත්තේ ඇමෙරිකාවය.

උතුරු කොරියාව පවසන්නේ ඇමෙරිකාව උත්සාහ ගන්නේ තව තවත් තමන් අප්‍රසාදයට පත් කිරීමට බවය. රුසියාව සහ උතුරු කොරියාව අතර මිතුදම් පවතී.

(රොයිටර්)


RECOMMEND POSTS