යුක්රේන හෙලිකොප්ටරයක් කඩා වැටේ



යුක්රේනයේ බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගැනීමෙන් කුඩා දරුවන් 10 දෙනකු ද ඇතුළු 22 ක් මියගියහ.

යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිස්කි ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් නව දෙනකු හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිට ඇත. ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණු බව යුක්රේන පොලිස් දෙපාර්තමේන්තුව කියයි.

හෙලිකොප්ටරය කඩා වැටී පිපිරුමෙන් සහ ගින්නෙන් පෙර පාසල් ගොඩනැගිල්ලටත්, මහල් නිවාස ගොඩනැගිල්ලටත් හානි සිදුවිණි.  හෙලිකොප්ටරය, රුසියන් මිසයිල ප්‍රහාරයකට හසුවීමෙන් කඩා වැටෙන්න ඇති බවත් අනුමාන කෙරේ.

(රොයිටර්)


RECOMMEND POSTS