මෙල්බන් නුවර යළි ඇරේ



කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමුණු ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නගරය අද (10) රාත්‍රියේ සිට යළි විවෘත කෙරුණි.

නගරය එසේ විවෘත කෙරුණේ, සංචරණ සීමාවන්ට යටත්වය. කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මෙල්බන් වසා දැමුණේ පසුගිය මස 27 වනදා සිටය. ගතවුණු පැය 24 ඇතුළත මෙල්බන් නගරයෙන් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයකු පමණි.

ඔස්ට්‍රේලියාවෙන් මේ දක්වා කොවිඩ් 19 ආසාදිතයින් 30,200 දෙනෙකු සහ මරණ 910 ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණවලින් සියයට 90 ක්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

මෙල්බන් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS