භූතානය දැන් දිළිඳු රටක් නොවෙයි



ආසියාවට පිහිටි හිමාල අඩවියට අයත් භූතානය තව දුරටත් ලොව දිළිඳු රාජ්‍යයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කළ නොහැකි බව ඉන්දියාවේ NDTV පුවත් සේවය පෙන්වා දෙයි.

ලෝකයේ සතුටින්ම සිටින ජාතිය ලෙස සැලකෙන්නේ ද භූතාන වැසියන්ය.

1971 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය දිළිඳු රාජ්‍යයක් ලෙස අර්ථ ගැන්වීමට යොදාගත් නිර්ණායකවලට භූතානය තව දුරටත් අයත් නොවන බව දැනුම් දීමත් සමඟ භූතාන අග්‍රාමාත්‍ය ලෝටේ ෂෙරිංග් ඒ ගැන සතුට පළ කළේය.

භූතානය තව දුරටත් දිළිඳු රාජ්‍යයක් නොවන බව ප්‍රකාශයට පත් කෙරුණේ ඩෝහා හි පැවැති අඩුම සංවර්ධිත රටවල නියෝජිත සමුළුව අතරතුරේය.

(NDTV)


RECOMMEND POSTS