නෙදර්ලන්ත මාධ්‍යවේදියා ඝාතනය කෙරේ



අපරාධ සම්බන්ධයෙන් සුලමුල අනාවරණය කරමින් පුවත් ඉදිරිපත් කළ නෙදර්ලන්ත මාධ්‍යවේදී පීටර් ආර්. ඩී. විරයිස් ඇම්ස්ට්‍රඩෑම් නුවරදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

ගවේෂණාත්මක වාර්තාකරුවකු ලෙස විසදීමට නොහැකි වුණු අපරාධ පමණක් නොව, පොලිසියට කිසිදු හෝඩාවුවක් නොමැතිව අතහැර දැමුණු පැරණි අපරාධ පරීක්ෂණ පවා විසදීමට විරයිස් ට හැකිවිය.

මේ නිසා 64 හැවිරිදි විරයිස් නෙදර්ලන්තයේ කීර්තිමත් මෙන් ගෞරවණීය මාධ්‍යවේදියකු ලෙස සැලකෙයි.

ඔහු පුද්ගල ඝාතන සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ 500 ක් විමර්ශනය කළ බවත්, ඒවා විසදීමට පොලිසියට සහාය දක්වා ඇති බවත් පැවැසෙයි.

විරයිස්, මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ අවුරුදු 20 දීය. ඔහු නෙදර්ලන්තයේ ප්‍රධානතම පුවත්පත ලෙස සැලකෙන 'දෙ ටෙලෙග්‍රාෆ්' මාධ්‍යවේදියෙකි.

නම ගිය අපරාධ කල්ලි නායකයන් සිදු කළ අපරාධ රැසක් අනාවරණය වී ඇත්තේ විරයිස්, ඊට මැදිහත් වීමෙන් පසුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS